Monday, December 5, 2016

Information and communications technology

Information and communications technology (ICT) refers to all the technology used to handle telecommunications, broadcast media, intelligent building management systems, audiovisual processing and transmission systems, and network-based control and monitoring functions.

Although ICT is often considered an extended synonym for information technology (IT), its scope is more broad.
ICT has more recently been used to describe the convergence of several technologies and the use of common transmission lines carrying very diverse data and communication types and formats.

My app

ICT (information and communications technology - or technologies) is an umbrella term that includes any communication device or application, encompassing: radio, television, cellular phones, computer and network hardware and software, satellite systems and so on, as well as the various services and applications ...

Wednesday, November 13, 2013

කිචිරෝ ටොයෝඩා


        මේ කතාව අවුරුදු 200 කට වඩා පැරනි කතාවක්. ඒ කියන්නේ එක්දහස් අටසිය ගනන්වල. සමහර විට මේ කතාව ඔබේ ජීවිතය වෙනස් කරාවි. කියවල බලන්න.

     ජපානයේ කෙසායි ප්‍රාන්තයේ ෂිසොවුකා ගම්මානයේ  දුප්පත් පවුලක ෂකිචි ටොයෝඩා උපත ලැබුවා. ෂකිචිගේ තාත්තා වඩු කාර්මිකයෙක්. තාත්තා උපයන මුදල ගෙදර වියදමටවත් මදි නිසා ෂකිචිගේ අම්මා රෙදි වියන රස්සාව කලා.

   ෂකිචි ටික ටික ලොකු වෙද්දි ගෙදර වියදම එන්න එන්නම වැඩි වුනා. මේ නිසා ෂකිචිගේ අම්මා ගොඩක් මහන්සිවෙලා රෙදි වියන්න පටන් ගත්තා. අම්මා රෙදිවියන්න දරන උත්සාහය වෙහෙස නිතරම ෂකිචිට දකින්න ලැබුනා. ඒ කාලේ දියුණු තාක්ෂණික උපකරන තිබුනේ නෑ. හැමදෙයක්ම අතින් තමයි සිද්ධවුනේ. ෂකිචිට අම්මා ගැන දුක හිතුනා. ෂකිචි කල්පනා කලා මීට වඩා ලේසි විදියට රෙදි වියන ක්‍රමයක් හොයන්න. ෂකිචිගේ තාත්තා වඩුවෙක් නිසා ඒ කර්මාන්තයට අවශ්‍ය උපකරන ගෙදර තිබුන. ඒ ගැන පොඩි දැණුමකුත් තිබුන නිසා ෂකිචි ඒ උපකරන අරන් ලී වලින් අලුත් මැෂිමක් හැදුව. මේක අතින් කරකවල ක්‍රියාත්මක කරන මැෂිමක්. කලින් එකට වඩා රෙදි වියන්න මේක ටිකක් පහසුවක් වුනා.

   එතනින් නොනැවතුනු ෂකිචි බලය යොදාගෙන මේක ක්‍රියාත්මක කරවන්නේ කොහොමද කියල කල්පනා කලා. ඒ කාලේ බලය ලබාගැනීම සඳහා පාවිච්චි කලේ වාශ්ප එන්ජිමක්. ෂකිචි පරන වාශ්ප එන්ජිමක් හොයා ගත්තා. ඒක තමන්ගේ මැෂිමට කොහොමද සම්භන්ධ කරන්නේ කියල කල්පනා කලා. අත්හදා බැලුව. ඒත් හැම උත්සාහයක්ම අසාර්තක වුනා. නමුත් තමන්ගේ උත්සාහය අතහැරියේ නෑ. ඒකේ ප්‍රතිඵලයක් විදියට ෂකිචි තමන්ගේ අම්මා වගේම රෙදි විවිමේ නිරතවී සිටි සියලු කාන්තාවන් ගේ දුක් ගැහැට නිමා කරමින් නව රෙදි විවිමේ යන්ත්‍රයක් ලෝකයට හදුන්වා දුන්නා. ඒ තුළින් රෙදි පිළි කර්මාන්තය අතින් ජපානය ලෝකයේ ඉදිරියට ගේන්න ෂකිචිට හැකි වුනා.

  ශකිචිට හිටියා පුතෙක් එයාගේ නම කිචිරෝ ටොයෝඩා. ෂකිචි එයාට හොද අධ්‍යාපනයක් ලබා දුන්නා. එයා දැන් ලොකුයි. ෂකිචි තමන්ගේ පුතා කිචිරෝ එංගලන්තයට පිටත් කරා. ඒ තමන්ගේ රෙදි වියන යන්ත්‍රයේ පේට්න් බලපත්‍රය එංගලන්ත සමාගමකට විකුනන්න. ෂකිචි හිතුව විදියටම පේට්න් බලපත්‍රය පවුම් ලක්ෂයකට විකුනන්න පුලුවන් වුනා. ඒ පවුම් ලක්ෂය තමන්ගේ පුතා කිචිරෝගේ අතට දිලා කිවුවා පුතා මේ සල්ලි වලින් ඔයා කාර් එකක් හදන්න ඔනි කියල.

   තමන්ගේ පවුලේ ව්‍යාපාරයක් වුනු රෙදි විවිමේ කර්මාන්තය තමන්ගේ පුතාට බාර නොදි පුතාව උනන්දු කලේ මේ අලුත් ව්‍යාපාරය පටන් ගන්නා ලෙසයි. ඊට හේතුව ෂකිචි අනාගතය දැක්ක. අනාගතයේ රෙදි පිළි කර්මාන්තයට වඩා ඉදිරියට එන්නේ මෝටර් රථ කර්මාන්තය බව. ඒ නිසයි ෂකිචි පුතාට කාර් එකක් හදන්න කිවුවේ.

   ඔයත් මං වගේ සමාජයට වැඩදායි දෙයක් හදන්න. ඔනැම කෙනෙක් තමන්ගේ ජීවිත කාලය තුළදී විශිෂ්ට ව්‍යාපෘතියක යෙදෙන්න ඔනය කියල ෂකිචි තමන්ගේ පුතාට කියල දුන්නා.
ෂකිච් කිචිරෝව ටොකියෝවේ තියන ඉම්පීරියල් විශ්ව විද්‍යාලයට ඇතුලත් කලා. එහිදි කිචිරෝ යාන්ත්‍රික විද්‍යාව පිළිබඳ ඉගෙන ගත්තා. තාත්තගේ අඩිපාරේ ගිය කිචිරෝ අන්තිමේදී මෝටර් රථයක් හැදුවා. ඒත් කිචිරෝගේ තාත්තා ෂකිචි ‍ඒ වෙනකොට ජීවතුන් අතර නෑ. නමුත් තාත්තගේ හීනය හැබෑ කරපු කිචිරෝ ඉස්සල්ලාම කලේ තමන් හදපු කාර් එකෙන් තමන්ගේ තාත්තාගේ සොහොන ලඟට ගිය එක. ඒ තමන් අද මේ තැනට ආවේ තතාත්තගේ මග පෙන්වීම නිසා ඒකට  කළ ගුණ දක්වන්න. ස්තුති කරන්න.

ජපානය මෝටර් රථ ක්ෂේත්‍රයේ  ප්‍රමුඛයා බවට පත් කරන්න කිචිරෝ ටොයොඩා අඩිතාලම දැම්මේ ඒ විදියටයි. අද ඇමරිකන් මෝටර් රථ වෙළඳපලටත් අභියෝගයක්  කරන්න මේ මෝටර් රථ සමත් වෙලා තියනව. කිචිරෝගේන් ආරම්භ වු මේ මෝටර් රථ හදුන් වන්නේ ටොයෝටා කියල.

   මේ තරම් සාර්ථක මෝටර් රථ සමාගමක් පිටිපස්සේ ඉන්නේ රෙදි වියපු අම්මා කෙනෙකුයි දුප්පත් වඩු කාර්මිකයකුයි කියල ටොයොටා වාහන වල යන අයවත් දන්නේ නෑ.

   

ඔබ දෙමාපියෙක් වෙන්න පුලුවන්, නැත්නම් දරුවෙකුගේ භාර කාරයෙක් වෙන්න පුලුවන්, එහෙමත් නැත්තම් අම්මෙක් තාත්තෙක් වෙන්න ඉන්න කෙනෙක් නම් ඔබට තමන්ගේ දරුවා ගැන ලොකු වගකීමක් තිබෙනව. දරුවගේ අනාගතය ගැන. ඒ දරුවට හොද අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒ වගේම අනාගතය පිළිබඳ එක් අරමුණක් ඔස්සේ ඒ දරුවව යොමු කරන්න. එයාගේ බලාපොරොත්තු සිතුම් පැතුම් තේරුම් ගන්න. ඒකට අවශ්‍ය කරන පාර පෙන්න. මේ සමාජයේ වැදගත් විදියට කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුලුවන් විදියට පරිසරයක් නිර්මාණය කරල දෙන්න.


එහෙම උනොත් කවදා හරි දවසක මේ වගේ තවත් කතාවක් පිටිපස්සේ ඔබේ නමත් ලියවී තිබෙවි.


එස්.ඒ.හර්ෂ සඳරුවන්
නැණසල - ගිරිඋල්ල

Tuesday, November 12, 2013

ඔබත් සඳුන් ගසක් ද?

ඔබත් සඳුන් ගසක් ද?

යම් කිසි වනයක සඳුන් ගස් තියෙනවා නම්, ඒ වනයේ වටිනාකම වැඩියි. සඳුන් ගස ඉතාම සුවඳයි, කියලා ඔබ දන්නවා. ඒ සුවඳ සඳුන් ලී කැබෙල්ලෙත් තියෙනවා. සඳුන් ගඟ කපන කොට තමයි වඩාත් සුවඳ  විහිදෙන්නේ. ඒ නිසා තමයි -

        දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ
        සිඳින මින එක ලෙස පැතිරෙයි  සුවඳ

කියලා සුභාෂිත කතුවරයා ලියලා තියෙන්නේ. සඳුන් ගහ වටිනා බෙහෙතක් විදියට පාවිච්චියට ගන්නවා. එය ඉතාම සීතල ජාතියක්. ඒ වගේ ම පැරණි කාලයේ ශරීරාලේප‍යක් විදියටත් පාවිච්චි කරලා තියෙනවා.

        මේ සඳුන් ගහ කපන ‍ෙකාට - ඒ කපන ආයුධයත් සුවඳවත් කරනවා. සඳුන් ගස් වගේ සුවඳවත් මනුස්සයොත් සමා‍ජයේ ඉන්නවා. සඳුන් ගස් වනාන්තරවල සොයා ගන්න අමාරු දුර්ලභ දෙයක්. ඒ වගේ මිනිස් සමාජයේත් හොඳ මිනිස්සු සොයාගන්න අමාරුයි නේද? ඔබ ටිකක් හිතල බලන්න සඳුන් ගස් වගේ මිනිස්සු මොන වගේ ද කියලා. අපි දන්න සමාජයේ - ජීවිතේ මුල ඉඳලා ගුණධර්ම පුහුණු කරගත්ත උදාර මිනිස්සු - අතරින් පතර හරි ඉන්නවා. ඔවුන්ගේ සිතුම් පැතුම් ක්‍රියාකාරකම් හා කථා බහ සමාජයට හිතකරයි. තම වටාපිටාවේ ජීවත්වන අයට කරදරයක් නැහැ. ඔහුගේ ඇසුර සමාජය ප්‍රිය කරනවා. ඔහුගේ අභ්‍යන්තරය හොඳයි. හදවත හොඳයි.  තමන් ඇසුරු කරන අයට යහපත්කම සිද්ධ වෙනවා දකින්න කැමතියි. බොරුවට මූණ ඉච්ඡාවට නොවෙයි. හදවතින් ම අනුන්ගේ දියුණුව ප්‍රාර්ථනා කරනවා. යම් උදව්වක් කරන්න අවස්ථාව පැමිණියාම මඟ අරින්නේ නැහැ. අනුන්ටත් හැකි පමණින් යහපතක් කරමින් තමනුත් සුවසේ වෙසෙනවා. ඇතැම් විට මේ වගේ මනුස්සයන් ගැන සමාජය ඒ තරම් දන්නේ නැති වෙන්න පුලුවනි.

        මනුස්සයෙක් ලෙස ඔබ නියම ස්වභාවය අනිත් අයට තේරුම් ගන්න ලැබෙන්නේ ඔබේ ක්‍රියාකාරකම් අනුවයි. ඇතැම් විට ප්‍රකෘති ස්වභාවය යටපත් කරගෙන සමාජයට හොඳ මූණ පෙන්නගෙන ව්‍යාජ ලෙස ජීවත් වෙන්නත් කෙනෙකුට පුලුවනි. මහ පුදුම විදිහේ වංචාකාරී අය ඉතාම හොඳ පුද්ගලයන් ලෙස සමාජයේ පෙනීසිටින බව ඔබත් දැකලා ඇති. සමහරුන්ගේ කියුම් - කෙරුම් දකින අහනකොට මට හිතෙන්නේ ඔවුන් මිනිස් සමාජයේ සාමාජිකත්වයට ගැලපෙන්නේ නැහැ කියලායි. අපි යම් යම් දේ කාල බලල ඒවායේ රස දැන ගන්නවා. ඒත් මිනිස්සු මොන වගේද කියලා  දැනගන්න කාල  බලන්න බැහැනේ.

        ඒත් ඔබට මේ දේ කරන්න පුලුවනි. ඔබ ඇසුරු කරන අය - ඇත්තටම හොඳ ගුණගරුක පුද්ගලයෝ ද කියලා දැනගන්න හැකිවෙන්නේ ඔවුන් විපත්තියේ දී සහ සම්පත්තියේ දී ක්‍රියා කරන්නේ කොහොමද කියලා බලල. අපි හොඳයි කියලා හිතාගෙන හිටපු සමහර අයට යම් යම් විදියට මදි පුංචිකම් වෙනකොට, ඔවුන්ගේ ප්‍රකෘති ස්වභාවය මතුවෙලා මහා දරුණු ලෙස ක්‍රියා කරනවා. කථා බස් කරනවා. තමන්ට වෙච්ච මදි පුංචිකමේ ප්‍රමාණයට අනුව තවත් කෙනෙක් විනාශ කරන්න වුනත් මාර්ග සොයනවා. කොකාගේ උනත් සුද පේන්නේ ඉගිලෙන කොට කියල සමාජයේ කථාවක් තියෙනවනේ. හිතවතුනි, ජීවිතේට නොයෙකුත් කම්‍කටොලු විපත්ති පැමිණේවි. ඒවාට උදාර මනුස්සයෙක් ලෙස මුහුණ දෙන්න. නිවැරදි ආකාරයෙන් ඒවා ජයගන්න.

        ඔබ නමැති මිනිසා විනාශ කරන්න ඔබ විසින් ම මුල් පොරෝ පහර ගහන්න එපා. අනිත් අයට අවංක වෙන්න. මුලින් ම තම්න්ට අවංක වෙන්න. ඔබ වංචාකාරී ලෙස ඔබම රවටා ගන්නේ ඇයි? අද කෙසේ වෙතත් හෙට ඔබේ ජීවිතේ ගැන ඔබටම වග කියන්න සිදුවෙන බව මොහොතකටවත් අමතක කරන්න එපා.

සඳුන් ගහ කපන්න කපන්න - පොරවත් සුවඳවත් කරනවනේ. එහෙම නම් උදාර මනුස්සයාත් විපත්තියේ දී උනත් තවත් කෙනෙකුට පහත් විදියට කථා බස් කිරීමක් වත් කරන්නේ නැහැ. ඒක තමයි උදාර ගතිය. ඒක තමයි පිරිච්ච ගතිය. ඉතිං ඔබට මේ කරුණු කියලා මම යෝජනා කරන්නේ, ඔබත් සුවදැති සඳුන් ගහක් වගේ උදාර මනුස්සයෙක් වෙන්න කියලයි.

ඔබට සියලු යහපත සිද්ධ වේවා!
හර්ෂ සඳරුවන්
ගිරිඋල්ල නැණසල